2 sourcesUpdated
ලොව මිල අධිකම දුම්වැටි ඇත්තේ ශ්‍රී ලංකාවේ..- WHO
පාරිභෝගිකයාගේ ක්‍රයශක්ති සාම්‍යය පදනම් කරගනිමින් ගණනය කිරීමේදී ලොව වඩාත්ම මිල අධික දුම්වැටි අලෙවි වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නවතම දත්ත උපුටා දක්වමින් ප්‍රකට Oxford Economics ආයතනය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය වේ.
Summary
එමෙන්ම, දුම්කොළ පාලනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා රටවල් සඳහා හඳුන්වා දී ඇති සියයට 75 ක ගෝලීය බදු අනුපාතික මිණුම් ලකුණෙහි සැබෑ ඵලදායිතාව පිළිබඳව ද මෙම අධ්‍යයනය මගින් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ. මේ හේතුවෙන් දුම්කොළ පාලනයේ සාර්ථකත්වය මැන බැලීම සඳහා බදු ප්‍රතිශතය පමණක් එකම මිණුම් දණ්ඩක් ලෙස භාවිත කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව මෙමගින් ප්‍රශ්න කර ඇත.
