2 sourcesUpdated
නව නායකත්වයේ අභියෝගය භාරගත් හර්ෂිතා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අජ්මාන් බලා පිටත්ව යයි
"ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවීම මට විශාල සතුටක් වගේම ගෞරවයක්. ඒ වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා" යැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකා හර්ෂිතා සමරවික්‍රම පවසයි. ඇයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, නොවැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වෙන අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන තරගාවලියට [...]
Summary
තරගාවලියට පෙර කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ හර්ෂිතා සඳහන් කළේ, ආසියානු ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව සති දෙකක විවේකයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන් පසුව මෙවර තරගාවලිය ඉලක්ක කරගනිමින් පුහුණුවීම් ආරම්භ කළ බවයි. එම තරගාවලියේදී මන්දගාමී තණතීරුවල ක්‍රීඩා කිරීමට සිදුවූ බැවින්, එවැනි තත්ත්වයන්ට හැඩගැසෙමින් තරග කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.

