2 sourcesUpdated
ආයේ ගෙවල් හදන හීනේ අමතක කරන්න වෙයි - සිමෙන්ති වැලි ඇතුළු සියලු ද්‍රව්‍ය වල මිල ඉහළට
ජාතික ඉදිකිරීම් සේවක සංගමය (NCWU) විසින් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජයට සහ නිෂ්පාදකයින්ට දැඩි විවේචනයක් එල්ල කර ඇති අතර, මෙම මිල ඉහළ යාම දිගටම පැවතියහොත් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමකට ලක්විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
Summary
මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ මහලේකම් සුපුන් අබේසේකර මහතා සඳහන් කළේ, පසුගිය මාස දෙක තුනක කාලය තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි. මීට පෙර රුපියල් 1,900ක් පමණ වූ සිමෙන්ති කොට්ටයක් මේ වන විට රුපියල් 2,250ක මිලකට අලෙවි වන බවත්, ඇතැම් සිමෙන්ති කොට්ටවල සඳහන් උපරිම සිල්ලර මිල රුපියල් 2,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.
What this story is about
Organisations

