2 sourcesUpdated
වසරේ පළමු මාස 9යට ඩොලර් බිලියන 13.61 ඉක්මවූ අපනයන ආදායමක්
2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61ක් ඉක්මවා තිබෙනවා. ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) දත්තවලට අනුව, එය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.04% ක වර්ධනයක්.
Full coverage
Summary
මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.76ක් දක්වා 5.35% කින් වර්ධනය වී ඇති අතර, සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.85ක් දක්වා 3.88% කින් ඉහළ ගොස් තිබෙනවා. විදුලි හා ඉලෙක්ට්රොනික උපාංග, සැකසූ ආහාර හා පාන වර්ග, කුළුබඩු සහ රබර් ආශ්රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්ර රැසක වර්ධනය මෙම අපනයන ආදායම ඉහළ යාමට දායක වී තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
