2 sourcesUpdated
PSTA: ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගෙන් නිර්දේශ 9ක්
ශ්රී ලංකාවේ යෝජිත 'ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ ගැන හොඳින් සොයා බලා මහජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එමෙන් ම, මේ සඳහා රජයට අවශ්ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කරයි.
Summary
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේය. රඳවා තබා ගැනීමේ නියෝග සමාලෝචනය කිරීමට, පුද්ගලයන් නිදහස් කිරීමට හෝ ඇප ලබාදීමට විනිසුරුවරුන්ට බලය තිබිය යුතු ය. කාලානුරූපීව පවුල් දැනුවත් කිරීම, පුද්ගලයන් රඳවා තබා ගන්නා ස්ථාන ලියාපදිංචි කිරීම සහ අර්ථවත් ලෙස පවුලේ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසීම කළ යුතු ය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
