‘ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026’ සාර්ථකව නිමාවට පත්වේ
ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ඉහළ යන අධික තාප අවදානමට මුහුණ දීම සහ පරිසර හිතකාමී තිරසර සිසිලන විසඳුම් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව සංවිධානය කරනු ලැබූ "ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026" (Global Cooling Pledge Assembly 2026) 2026 සැප්තැම්බර් 15 වන දින සිට 18 දින දක්වා පැවැත්වූ අතර එම සමුළුව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී විය.
