2 sourcesUpdated
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපති අනුරට ආරාධනයක්
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසක් ෆුවැන්කෙට්කියෝ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සිහසක් ෆුවැන්කෙට්කියෝ මෙරටට පැමිණ සිටියා. [...]
Summary
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබුවා. විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළහැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

