2 sources
දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා. මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟතාවය ඇතිව පෙත්සම් විභාගය අවසන් කිරීමට ඒ අනුව විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. [...]
