SriLankan හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිවල අඩංගු කරුණු
"පසුගිය හය වෙනි දා මම මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ අඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස් වෙනි දා මට කතා කළා. චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන් ද කියලා කිව්වා."
