2 sourcesUpdated
තායිලන්තයේ තෙල් පිරිපහදුවක ගින්නක්: සියලු ඒකක වසා දමයි
තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි 'ෆ්රා ඛනොන්ග්' (Phra Khanong) තෙල් පිරිපහදුවේ අද (26) ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න හේතුවෙන් එහි සියලුම…
Summary
තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි 'ෆ්රා ඛනොන්ග්' (Phra Khanong) තෙල් පිරිපහදුවේ අද (26) ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් එහි සියලුම නිෂ්පාදන ඒකක වසා දැමීමට පියවර ගත් බවයි තායිලන්තයේ බැංග්චැක් සමාගම (Bangchak Corp) ප්රකාශ කළේ. පස්වරු 2.45ට පමණ මෙම පිරිපහදු පරිශ්රයේ ගින්න හටගෙන ඇති අතර, මිනිත්තු 30කට පමණ පසු එය පාලනය කර සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වූ බවද එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

