4 sources
දිට්වා වන්දිවලින් ඉදිකළ නව නිවසක අවුරුදු සැමරීමට එක් වූ ජනපති අනුර
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ එක්වුණා. අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීම ඊට සමගාමීව සිදුව තිබෙනවා. පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ [...]
