3 sourcesUpdated
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී
'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපේක්ෂිත චර්යාමය වෙනස ප්‍රායෝගිකව ළඟා කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (14) පෙරවරුවේ අරලියගහ මන්දිර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සහ [...]
Full coverage
Dasatha Lanka Newsක්ලීන් ශ්‍රී ලංකා මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීමට 2027 දී ව්‍යාපෘති රැසක්

News.lk‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත චර්යාමය වෙනස ළඟා කරගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී

ITN News2027 සිට දිවයින පුරා මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම්

Summary
'ක්ලීන් ශ්‍රී ලංකා' සංකල්පය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ජනතාව වෙත වඩාත් සාර්ථකව ගෙන යාම සඳහා වන උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා. එමෙන්ම, 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා තමන් වෙත පැවරෙන කාර්යභාරය පිළිබඳවද රැස්ව සිටි නියෝජිතයෝ අදහස් හුවමාරු කර ගත්තා.