2 sourcesUpdated
ක්‍රිකට් වැටෙන්න දෙන්නේ නැහැ මම තාම ඉන්නවා - ක්‍රීඩා ඇමති
තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අභාවයට යෑමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
Summary
ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විිසින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් කෙටුම්පත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පෙර පැවති කිසිඳු ආණ්ඩුවකට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ බවයි. තවද මෙම පනත සම්මත වීමට පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ යම් සාධාරණ කාලයක් ගත වන බව ඔහු සඳහන් කළා.

