2 sourcesUpdated
ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යයි – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල
රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක හා විධිමත් ලෙස නියාමනය වූ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.
Summary
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, එම අමාත්‍යාංශයේ උපදේශන අංශය සංවිධානය කළ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩමුළුව පසුගියදා(16) සහභාගී වෙමින්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය, පෞද්ගලික, ස්වේච්ඡා හා ආගමික අංශ මඟින් පවත්වාගෙන යනු ලබන සියලු උපදේශන සේවාවන් සඳහා පිළිගත් ප්‍රමිතීන් සහ එකඟ වූ ආචාරධර්ම පද්ධතියක් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.
What this story is about
People

