2 sourcesUpdated
සිලාවතුර අරිප්පු වෙරළ සංරක්ෂණයට වෙරළ උද්‍යානයක් ඉදි කෙරේ
මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර අරිප්පු වෙරළ කලාපය සංරක්ෂණය කිරීම, ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් නව වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (14) පස්වරුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Summary
නව රජයේ වෙරළ සංරක්ෂණ ප්‍රතිපත්තියට අනුව දිවයින පුරා වෙරළ කලාප ආශ්‍රිතව විවේකී උද්‍යාන ඉදිකිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ප්‍රදේශයේ ධීවර ජනතාවගේ බෝට්ටු නැංගුරම් ලෑම සඳහා පවතින පහසුකම් සහ ඉඩකඩ වැඩිදියුණු කිරීමට ද මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත. පරිසර අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව විද්‍යාත්මක පදනමක් මත මෙම වෙරළ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරයි.

