3 sourcesUpdated
මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
දැනට ලක්ෂ 12කට ආසන්න රාජ්‍ය සේවක පිරිසක් සිටින අතර මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ ය.
Summary
මීට වසර දෙකකට පෙර මේ රටේ ජනතාව රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා තීරණාත්මක තීන්දුවක් ගත් බවත්, එම වෙනස අහම්බයක් නොව ජනතාවගේ අත්දැකීම්, අපේක්ෂාවන් සහ පැවති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු වූවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.


