12 sourcesUpdated
වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
ඒ, අද (21) උදෑසන වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසුවයි. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අද කැඳවනු ලැබුවේ ය. එම අවස්ථාවේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය ද, විමල් වීරවංශ පෙනී සිටියේ නැත. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නඩුව, ඔක්තෝබර් 19 වැනිදා විභාග කිරීමට නියම කළේ ය. සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා එහිදී වරෙන්තු නිකුත් කළේ, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතීසි ද නිකුත් කරමිනි. වරෙන්තු නියෝගය නිකුත් කර සුළු වේලාවකට පසු, විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, වාහනයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ හේතුවෙන් වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම හෙට (22) සිදුකරන්නැයි අවවාද කළේ ය. එම නඩුව පවරා ඇත්තේ, 2016 පෙබරවාරි 6 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල හන්දිය ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් විරෝධතාවක නිරත වීමට එරෙහිවයි. කුරුඳුවත්ත පොලීසිය එම නඩුව පවරා තිබේ. ඒ, මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමිනි.
Full coverage
මව්බිමවිමල් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියි
Neth Newsවිමල් වීරවංශ උසාවියට පැමිණෙයි

News First - සිංහලවරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
%2520(5)-624233.jpg&w=640&q=75)
Lanka Truthවිමල් වීරවන්ස වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
Neth Newsවිමල් වීරවංශ උසාවියට පැමිණෙයි

Lanka C Newsවිමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

ITN Newsවිමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි

Gossip Lanka Newsඅත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත්කර පැයකින් විමල් උසාවියේ

මව්බිමවිමල්ව අත් අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්
දිවයිනවරෙන්තු නිකුත් කළ විමල් අධිකරණයට

Dasatha Lanka NewsUpdate - වරෙන්තු නිකුත් කළ විමල් අධිකරණය හමුවේ පෙනී සිටී - වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවූ බව අධිකරණයට කියයි

Hiru News - Sinhalaවරෙන්තු නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි

අද දෙරණවිමල් උසාවියට

BBC News සිංහලවිමල් වීරවංශට වරෙන්තු: වරෙන්තු නිකුත් කර සුළු මොහොතකින් අධිකරණයට පැමිණි විමල් කී කතාව

ITN Newsවිමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Dasatha Lanka Newsවිමල් වීරවංශ අත්අඩංගුවට ගන්න වරෙන්තු

Neth Newsවිමල් වීරවංශට වරෙන්තු

Hiru News - Sinhalaහිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

අද දෙරණවිමල්ට වරෙන්තු

Summary
තම සේවාදායකයා වූ විමල් වීරවංශ මහතාට අද නියමිත වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වූයේ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා යැයි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ අද දිනයේ අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමාද වි අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුවය. මේ නිසා ඔහුට එරෙහි ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙසද නීනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.