2 sources
ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී
අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
