2 sourcesUpdated
දිට්වාවලදී තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කිවුවෙ සංකේතාත්මකව - අනිල් ජයන්ත
'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ප්‍රකාශයට පත් කළ මූලික සහනාධාර දීමනාවලින් සියයට 95 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ජනතාව වෙත ගෙවා නිම කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
Summary
දෙරණ නාලිකාවේ විකාශය වූ "360" දේශපාලන සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. කෙසේ වෙතත්, හානියට පත් නිවාස, මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, එය මුදල් නොමැතිකම නිසා සිදුවූවක් නොවන බවත් ඔහු පැහැදිලි කළේය. දුම්රිය මාර්ග සහ මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදී ද මෙවැනි පාරිසරික සහ ප්‍රායෝගික බාධා මතුව තිබේ.

