2 sourcesUpdated
ජනතාව මත අමතර බදු බරක් පටවා නැහැ – අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත
වත්මන් රජය සිදුකර ඇත්තේ අනවශ්‍ය ලෙස ජනතාව මත අමතර බදු බරක් පැටවීම නොව, පැවැති බදු ව්‍යුහයේ දුර්වලතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් කිරීම බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
Summary
ඊයේ(04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංවර්ධනය සහ යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ආදායම සපයා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බදු ආදායම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බදු ක්‍රමයේ සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

