2 sourcesUpdated
කාවන්තිස්ස හස්තියාට යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතාවක්
දිවයින පුරා සිදුවන සත්ව හිංසනය නතර කරන ලෙසත්, අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත්, මියගිය කාවන්තිස්ස හස්තියාට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලා විරෝධතාවක් අද (03) පැවැත්විණි.
Summary
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පැවැති මෙම විරෝධතාවට සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් එක්ව සිටියහ. එහිදී විරෝධතාවට එක්වූ පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ආසියාවේ විශාලතම හස්තියා ලෙස සැලකුණු කාවන්තිස්ස හස්තියා අහිමි වූ බවත්, ඉදිරියේදී මෙවැනි අලි ඇතුන් අහිමි වීම වැළැක්වීම සඳහා ඉතිරිව සිටින අලි පරම්පරාව ආරක්ෂා කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවත්ය.
