Trending3 sourcesUpdated
කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනා සිංහල හා දෙමළ භාෂාවෙන්
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සාමය සහ ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ දැනුම භාෂා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව පුළුල් කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ "කාන්තාව, සාමය සහ ආරක්ෂාව" පිළිබඳ යෝජනාවල නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීම පසුගිය (31) වැනිදා සිදු කෙරිණි.
Summary
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ 26 වන සංවත්සරයට සමගාමීව "කාන්තාව, සාමය සහ ආරක්ෂාව" පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන්හි නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.
What this story is about
Organisations


