අධික වර්ෂාවෙන් පුද්ගල මරණ 4ක්. දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 10,000කට පීඩා
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 2625කට අයත් පුද්ගලයින් 10617ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජල පහරවලට හසුවීම් හා පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
